ලියමි මම
නවත්තන්න බැරි තරමටම.
කවි..
ඉස්පිලි අස්සේ හංගන
පාපිලි අස්සේ ගුලිවෙන
ඇලපිලි වල විටෙක ඇමිණෙන
උඹ ඇත
කොම්බුවක, රේපෙක එල්ලීගෙන..
ඒ කවි අතර
වචන එකිනෙක අතරින්
තබන හිඩැසින් බිමට වැටෙන,
උඹ
ආයෙමත් අනිත්
කවියේ මුලට එක්වන
තාලයක් නැති,
හිතෙන තාලෙට ලියවෙන..
නවතන්න බැරි,
හිතින් නවතින උඹ මෙන..💓